ක්‍රියාදාම චිත්‍රපට වලට මම ගොඩක් කැමතියි. - කත්රිනා කයිෆ් කියයි....... - දැනුම සාගරය - Danuma Sagaraya

Untitled-4

WELLCOM TO DANUMA SAGARAYA

pub_vs2thi

Post Top Ad

A5

A4

A3

A2

A1

3_4_2

Dec 11, 2014

demo-image

ක්‍රියාදාම චිත්‍රපට වලට මම ගොඩක් කැමතියි. - කත්රිනා කයිෆ් කියයි.......

katrina+kaif+hot+pics+(5)

අතිසාර්ථකව ලොව පුරා ප්‍රදර්ශනය වන "බැන්ග් බැන්ග්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට එක්වන කත්‍රිනා කයිෆ් පිළිබඳව මේ දිනවල බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ. "බැන්ග් බැන්ග්" චිත්‍රපටය කත්‍රිනා මේ වසරේ රංගනයෙන් දායක වූ පළමු හා එකම චිත්‍රපටය වීම විශේෂත්වයකි. ආදායම් වාර්තා තැබූ "එක් තා ටයිගර්", "ජබි තක් හේ ජාන් ", "ඩුම් 3" චිත්‍රපටයෙහි ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ කත්‍රිනා වර්තමානයේ බොලිවුඩයේ සිටින සාර්ථකම නිළියන් අතරින් වේ. ඇය පසුගියදා "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය සමග සිය අදහස් හුවමාරු කරගත් අවස්ථාවකි මේ.


'Action Actress' නාමයට ඔබ කැමතිද?
     ඇත්තටම  මම කැමතියි. මොකද, ඒ මම ක්‍රියාදාම චිත්‍රපටවල ගොඩාක් රඟපාන්න කැමති හින්දා කබ්ර් ඛාන්ගේ   ''එක්තා ටයිගර්"  චිත්‍රපටයට එක්විමත්  සමඟ මට‍ බොහෝ  ක්‍රියාදාම චිත්‍රපටවලට  සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. '' එක්  තා ටයිගර්'' චිත්‍රපටයෙන්  පස්සේ  "ඩුම්  3" චිත්‍රපටයේ  මාව තෝරගත්තේ  ඒ හින්දා කියලා. මම හිතනවා" ඩුම්  3"  චිත්‍රපටය  මම ඉදිරිපත් කළේ  ජිම්නාස්ට්ක් නර්තන  ශිල්පිනියක්  විදියට.මම දකින විදියට  එයත් එක්තරා  ක්‍රියාදාමයක්.

ඔබගේ අලුත් චිත්‍රපටය  සාර්ථකද?
      සාර්ථක කියනවාට වඩා එය අතිසාර්ථක  එකක් කිව්වොත්  නිවැරදියි. " බැන්ග් බැන්ග් " චිත්‍රපටය  ප්‍රදර්ශනය අරඹලා  දින 03 ක කාලයකින්  අපිට හැකි වුණා ඉන්දිය රුපියල් කෝටි 100 ක  ආදායමක් උපයා  ගන්න. මම හිතනවා" බැන්ග් බැන්ග්"  මෙම වසරේ  තිරගත වන  අති සාර්ථකම චිත්‍රපටයක් වේවි කියලා.

"බැන්ග් බැන්ග්"  කියන්නේ හොලිවුඩ් චිත්‍රපටයක  අනු පිටපතක් නේද?
      ඔව්. නමුත් ඉංග්‍රිසි චිත්‍රපටයට වඩා මෙහි කතා තේමාවේ  යම් යම් තැන්වල වෙනස්කම් කරලා තියෙනවා.' නයිට් ඇන්ඩ් ඩේ'  චිත්‍රපටය නරඹපු කෙනෙක්ට  එය හොදින්ම දැනේවි.  ඒ වගේම තමයි 'බැන්ග් බැන්ග්'  චිත්‍රපටයේ දර්ශනවලත් ලොකු වෙනසක් තියෙනවා .' ඩුම් 3 ' චිත්‍රපටයට පසුව  බොලිවුඩයේ වැඩිම වියදමක් දරා  නිෂ්පාදනය කළ  චිත්‍රපටය මේක නිසා ඒ වෙනස අත් විදින්නට  ප්‍රේක්ෂකයින්ට හැකිවේවි  කියලා මම හිතනවා.
.com/blogger_img_proxy/ 

ඔබ රංගනයෙන් දායක වුණ අන්තිම චිත්‍රපට කිහිපය  ගත්තොත්, ඒ ගැන මොකද හිතෙන්නේ?
       ඇත්තටම සතුටුයි. 2010 වසරේ තිරගත වුණ "රාජ්නීති" චිත්‍රපටය  තමයි මම ගොඩාක්ම කැමති . මොකද 'රාජ්නිති'  චිත්‍රපටය තුළ මට නිළියක් විදියට  මගේ රංගන හැකියාවන්  ඉදිරිපත් කරන්න හැකි වුණා.  ඒ වගේම ආදායම්  උපයා ගැනිම  අතින් අතිසාර්ථක  එකක් බවට  'රාජ්නිති' පත්වුණා. මගේ ජිවිතේ හැරවුම්  ලක්ෂය වුණේ " එක්තා ටයිගර්"  චිත්‍රපටය. ක්‍රියාදාම නිළියක් විදියට බොලිවුඩයේ මාව  හදුනා ගත්තේ  එම චිත්‍රපටය හරහා. මා රඟපෑ' ඩුම් 3'  බොලිවුඩයේ දැනට  වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය.

අක්ෂේ, සල්මාන්, ෂාරුක් හා අමිර් අතරින්  ඔබ කාටද වඩාත් කැමතියි?
       මේ අය ඔක්කොම සුපිරි නළුවෝ . ඉතින් ඒ අය වෙන වෙනම  වර්ග කරන්න මට බැහැ.  ඔබ මගෙන් ඇහුවොත් නව පරපුරේ  නළුවෝ අතරින්  වඩාත් කැමති කාටද කියලා එහෙනම්  මගේ පිළිතුර ‍වෙන්නේ  ආදිත්‍ය රෝයි කපුර්. ආදිත්‍යයට  මම කැමති වුණේ  'ආෂික්‍යු  2' චිත්‍රපටයේ  ඔහු කළ රංගනයට. තාමත් එම චිත්‍රපටය  මට මැවිලා පේනවා. රාහුල්ගේ චරිතයට  ඔහු සියයට සියයක්  සාධාරණය කළා කියලා මට නම්  හිතෙන්නේ.

 ඔබගේ බොහෝ චිත්‍රපට  ආදායම් වාර්තා තැබු ඒවා?
 ඒ චිත්‍රපට සඳහා මට දායක වෙන්න ලැබීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. බොහෝ  විට මේ මගේ වාසනාව වෙන්න පුළුවන්.


1517563_711763172178049_1028917548_n

1546246_499827390135058_462638347_n

Katrina+Kaif12

Katrina+Kaif17

Katrina+Kaif33

No comments:

Post a Comment

Post Bottom Ad