ලෝකයේ දුප්පත්ම ජනාධිපති....... - දැනුම සාගරය - Danuma Sagaraya

Untitled-4

WELLCOM TO DANUMA SAGARAYA

pub_vs2thi

Post Top Ad

A5

A4

A3

A2

A1

3_4_2

Dec 11, 2014

demo-image

ලෝකයේ දුප්පත්ම ජනාධිපති.......

Jose-Mujica_2867184b


පිටිසර ගම්මානයක ගොවිපළක්. කොළ පැහැති තහඩු සෙවිලි කල නිවසක්. අක්‍රමවත්ව තැනින් තැන වැවුණු තණ කොළ සහිත මිදුලක්. එළිපත්තේ, සේදීමට නියමිතව මල්ලකට දමා ඇති කිලිටි රෙදි මල්ලක්. මේ ලියන්න යන්නේ සාමාන්‍ය ගොවියෙකුගේ ගෙපැලක් ගැන නොවෙයි. උරුගුවේ ජනාධිපතිවරයා ජීවත් වන නිවස ගැන. ජනාධිපතිවරයෙකු ගැන පැවසූ පමණින් අපට මැවෙන චිත්ත රූපයට හාත්පසින් වෙනස් ජීවන රටාවක් සහිත මොහු හොසේ මුහිකා. උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා. රටේ ජනතාව ආදරේට මොහු අමතන්නේ පෙපේ කියලා. කාර් කට්ට ලොව ජනාධිපතිවරුන්ගේ මන්දිර ඉදිරිපිට කැඩිලැක්, රෝල්ස් රොයිස්, ජගුවාර්, ලැම්බෝගිනි වැනි සුපෝගභෝගී වාහන නවතා තිබියදී උරුගුවේ ජනාධිපතිවරයා තනිවම පදවාගෙන යන්නේ පරණ වොල්ස්වගන් මෝටර් රථයක්. ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන හොසේ මුහිකාට ටිකක් පොහොසත් වන්නට අවස්ථාවක් උදා වෙලා. මේ පරණ කාර් කට්ටට අරාබියේ තෙල් මුදලාලි කෙනෙකුගෙන් හොඳ මිලක් ලැබිලා. ඩොලර් මිලියනයකට මේ මෝටර් රථය මිල දී ගන්න හදන්නේ එය ජනාධිපතිවරයෙකුගේ වාහනයක් නිසා. එසේ නොවුනා නම් මේ පරණ වාහනය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකක් විතර වෙයි. ටික දවසක් කල්පනා කරලා වාහනය ඉහළ ඉල්ලුමට විකුණන්න තීරණය කළේ හොසේට පොහොසත් වෙන්න හිතිලා නොවෙයි. ඒ මුදලත් ජනතාවටම ලබා දීම හොසේගේ අරමුණ. තමන්ට ලැබෙන මාසික වැටුපෙන් සියයට අනූවක්ම ආපසු දෙන්නේ ජනතාවගේ සුබ සිද්ධියට. ඒ මුදල මාස් පතා බෙදී යන්නේ අඩු ආදායම්ලාභීන් සහ කුඩා ව්‍යාපාර හිමියන් අතර. ඔහු ජීවත් වීමට අතට ගන්නේ පඩියෙන් සියයට දහයයි. ඒ කියන්නේ උරුගුවේ ජාතිකයෙකුගේ සාමාන්‍ය ආදායම. ආර්යාවගේ වියදම සරි කර ගන්න ගොවිපළ ප්‍රමාණවත්. කකුල් තුනේ මැනුවෙල් තම බිරිඳට අයිති ගොවිපළේ ජීවත් වන මේ ජනාධිපතිවරයාගේ සහ ආර්යාවගේ ආරක්ෂාවට ඉන්නේ පොලිස් භටයින් දෙදෙනෙක් පමණයි. ඒ දෙදෙනාත් ඉන්නේ ගොවිපළට ඇතුළු වන පාර අද්දර. නිවස තුළ සහ ගෙවත්තේ ආරක්ෂාවට ඉන්නේ උරුගුවේ ජනාධිපතිවරයාගේ කලණ මිතුරා වන මැනුවෙල් නම් වූ බලු සුරතලා පමණයි. ඒ බලු සුරතලාටත් ඇත්තේ කකුල් තුනයි. මේ කකුල් තුනේ ආබාධීත මැනුවෙල් උරැගුවේ ජනතාව අතර හරිම ජනප්‍රියයි. ගොවිපළේ වැඩට යොදා ගන්න ට්‍රැක්ටරය කැඩුණාම ඒක හදාගන්න බාස්ලා ඕනෑ නැහැ. ඒකත් මේ ජනාධිපතිවරයාටම කරගන්න පුළුවන්. ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස තමන්ව හංවඩු ගහනවාට උරුගුවේ ජනාධිපතිවරයා අකමැතියි. ‘‘මගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියෙන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියලා මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියලා කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වාගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වාගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.“ හොසේ මුහිකා, එහෙමත් නැත්නම් පෙපේ කියන්නේ තමන් දුප්පත් නැති බව. වෙඩි උණ්ඩ හයක් හොසේ මුහිකා උපන්නේ 1935දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් ලෙස පියා මියයන විට හොසේගේ වයස අවුරුදු පහයි. හැටේ දශකයේ අග භාගයේදී ගරිල්ලා සංවිධානයකට බැඳුණු තරුණ හොසේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය පැමිණියා. දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි. තුවාල සුවපත් වූ පසු හොසේ හිර ගෙදරින් පැන ගියේ උමඟක් කලාගෙන. නැවත නැවතත් සිර ගත වූ හොසේ හිර බත් කෑ අවුරුදු 14 තුළ හතර වතාවක්ම පලා ගියා. 1985 දී රටට ප්‍රජාතන්ත්‍රවාදය උදාවීමත් සමඟ නිදහස ලැබූ හොසේ මුහිකා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්වුණා. 2010 වන විට හොසේ මුහිකා උරුගුවේ ජනාධිපතිවරයා. අද වන තුරු රට පාලනය කළේ සිය බිරිඳට අයත් ගොවිපළේ සිට. ජනතා කැමැත්ත තවමත් නොඅඩුව පැවැතියත් දෙවැනි වතාවට තරඟ කරන්නට ඔහුට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ. ව්‍යවස්ථාවට ගරු කොට බිරිඳ සමඟ සුපුරුදු ගොවිතැන කර ගෙන යාමට ඔහු තීරණය කළා.


ggh

images

main

vvvv

No comments:

Post a Comment

Post Bottom Ad