නිදුකින් ඉනු මැන - දිමංක වෙල්ලලගේ Nidukin Inu Mena Mata Wada Kal - දැනුම සාගරය - Danuma Sagaraya

Untitled-4

WELLCOM TO DANUMA SAGARAYA

pub_vs2thi

Post Top Ad

A5

A4

A3

A2

A1

3_4_2

Oct 7, 2014

demo-image

නිදුකින් ඉනු මැන - දිමංක වෙල්ලලගේ Nidukin Inu Mena Mata Wada Kal

images

නිදුකින් ඉනු මැන මටවඩා කල් 
මගෙ පණත් අරගෙන ඔයා..



සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා..
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා..
සසරෙ කොතැනක මට ලැබුනු දුක 
ඔබට ලැබෙනු එපා..

දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා 
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා..

රණ්ඩු කරගෙන යාළු වෙන්නට 
හිටියෙ මට ඔබ විතරමයි..
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම 
දැනෙන තනිකම අපමණයි..
ඉස්සර මතකෙන් යන්න හැදුවත් 
යන්න බැහැ සත්තයි..
තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ 
ඉන්න බැරි තැනමයි..

දිනෙක ආයෙත් ලංවෙලා..
නාවත් මා සොයා..
හැමදාමත් පෙම් කලා..
මාගේ සිත් පුරා..

ලංව හිටි ඔබ වෙන්ව ගිය විට 
දැනෙන දුක අහසට සමයි..
හංඟගෙන තව ඉන්න බෑ මට 
ඔබට ගැති සිත අසරණයි..
කොච්චර සතුටින් ඉන්න තිබුණත් 
ඉන්න බැරි ඔබටයි..
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ 
රත්තරන් ඔබමයි..

නිදුකින් ඉනුමැන..

ගායනය : දිමංක වෑල්ලගේ
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : කපිල්



Nidukin+Inumana_Dimanka+Wellalage_lyrics





No comments:

Post a Comment

Post Bottom Ad